රැට්ටා, ළහිරු ඇතුළු තිදෙනෙකුට ඇප
Friday, 01 July 2022 - 14:29 | Views - 434
කොළඹ කොටුවේ හා තලංගම ප්‍රදේශවල දී ජුනි මස 06, 09 හා 10 යන දිනවල දී සිදු වූ කළහකාරී සිදුවීම්වලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රතිඳු සේනාරත්න (රැට්ටා), ළහිරු වීරසේකර ඇතුළු තිදෙනෙකුට ඇප නියම වී තිබෙනවා.

ඒ අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගියදා අත්අඩංගුවට ගත් ගෝඨා ගෝ ගම අරගල භූමියේ ක්‍රියාකාරිකයන් පිරිසක් වූ ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ,ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර යන අයට ජුනි මස 24 වැනිදා අධිකරණයෙන් ඇප නියම කෙරුණා.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා.

එහෙත් රතිඳු සේනාරත්න (රැට්ටා), ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමියන් තවදුරටත් ජූලි මස 1 වනදා, එනම් අද දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා ගැනීමටයි අධිකරණය නියම කළේ.

එම නියමයට අනුව අද පෙරවරුවේ යළි නඩු කටයුත්තට කැඳවූ අවස්ථාවේදියි රැට්ටා ඇතුළු අරගලකරුවන් හට ඇප නියම කෙරුණේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top