දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක
Friday, 01 July 2022 - 14:06 | Views - 1,398
පවතින ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීමට දුම්රිය බලධාරින් කටයුතු නොකිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් සිය සේවාවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති සමග අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝම‍රත්න කියා සිටියේ, මේ වනවිට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට නියමිත කන්කසන්තුරය බලා දිවෙන දුම්රිය පැය එකහමාරක් ප්‍රමාද වී ඇති බවයි.

එම දුම්රියට අවශ්‍ය ඉන්ධන පිළිබඳ ගැටලුවක් මතු වී ඇති බවත්, මේ වනවිට කොටුව දුම්රිය ස්ථානයේ දුර ගමන් දුම්රිය ක්‍රියාත්මක කිරීම බරපතළ අර්බුදයකට ලක් වී ඇති බවත් ඔහු සඳහන් කළා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් පිළිතුරු සෙවීම පසෙක තබා දුම්රිය බලධාරින් ජංගම දූරකථනවලට හෝ ප්‍රතිචාර නොදක්වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ.

මේ තත්ත්වයට විසඳුම් ලබාදෙන ලෙසට බල කරමින්, මේ වනවිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වැඩ කටයුතු අත්හිටුවීමට තීරණයක් ගත් බවත්, රජය සහ බලධාරින් මැදිහත් වී මේ තත්ත්වය සමනය කිරීමට පියවර නොගතහොත්, ඉදිරියේ දී දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් කරගන්නා බවත් ඔහු සඳහන් කළා.

මේ අතර කොටුව දුම්රිය ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ, මේ වනවිටත් සති අන්තයේ ගම්බිම් බලා පිටත්ව යාමට පැමිණ සිටින පිරිස ද සමගින් අතිවිශාල මගී ජනතාවක් කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටින බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top