පවුල් ලක්ෂ 32කට ජූලි මාසයේ සිට රුපියල් 7500ක දීමනාවක්
Friday, 01 July 2022 - 9:03 | Views - 2,593
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 32කට අධික පිරිසක් සඳහා ජූලි මාසයේ සිට ඉදිරි මාස 6ක් දක්වා රුපියල් 7500ක දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ආර්ථිකමය වශයෙන් විශාල ලෙස පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලෙස ආර්ථික සහන ලබාදීමේ වැඩපිළිවෙලක් ලෙස මෙය ක්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ජුලි මාසයෙන් ආරම්භ කර ඉදිරි මාස 6ක කාලයක් සඳහා ආර්ථික සහන ලබාදීමේ වැඩසටහනක් ලෙසට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ප්‍රමාණයක් සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 200ක් රජයට ලබාදී තිබෙනවා.

ඒ යටතේ ඉදිරියේදී මෙරට පවුල් ලක්ෂ 32ක ප්‍රමාණයක් සඳහා ජුලි මාසයේ සිට මෙම ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අනුව සෑම පවුලකටම උපරිමය රුපියල් 7500 දක්වා මුදලක් ලබාදෙනු ඇති.

මේවන විට සමෘද්ධි දීමනාව හෝ ආබාධිත දීමනාව හෝ වෙනත් දීමනාවක් ලබන පවුලකට ඔවුන් ලබාගන්නා මුදල් ප්‍රමාණයට අමතරව මෙම මුදල ද ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අමාත්‍ය රමේෂ් පතිරණ පෙන්වා දෙන්නේ ඉදිරි මාස කිහිපය තුල මෙරටට යම් තරමක ආර්ථික සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවන බවයි.

මේ අතර වර්තමානයේ පවතින දේශපාලන සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදහස් පලකළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top