IOC පිරවුම්හල් 150කට ඉන්ධන
Friday, 01 July 2022 - 8:16 | Views - 2,890
ලංකා අයි.ඕ.සී. සමාගමට අයත් දිවයින පුරා පිරවුම්හල් 150කට පමණ ඊයේ (30) දිනයේ ඉන්ධන බෙදාහැරීම් සිදු කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ, ටැංකි රථ 70කින් පමණ ඊයේ දිනයේ දී බෙදාහැරීම් සිදු කළ බව යි.
මේ අතර, සිය පිරවුම්හල් ජාලයට ත්‍රිකුණාමලයේ සිට සිදු කරන සැපයුම් වැඩි කිරීම සඳහා අමතර ටැංකි රථ යොදා ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ලංකා අයි.ඕ.සී සමාගම ප්‍රකාශ කළා.
Share This Article