අභිමානවත් හිරුගේ 24 වන සංවත්සරය අදයි (Video)
Friday, 01 July 2022 - 7:41 | Views - 395

මෙරට මාධ්‍ය වංශ කතාව වෙනස් කළ අභිමානවත් හිරුගේ 24 වන සංවත්සරය අද (01)යි.
වර්ෂ 1998 ජූලි 01 වැනි දින ශ්‍රී ලංකාව තුළ බිහි වූ පෙරළිකාර මෙන් ම ප්රමුඛ පෙළේ ගුවන් විදුලි නාලිකාවක් ලෙස 'හිරු එෆ්.එම්' මේ වනවිට සුවහසක් ශ්‍රාවකයාගේ ආදරය, ආකර්ෂණය දිනාගෙන සිටිනවා.
සිය සංවත්සරයට සමගාමී ව ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති ගරු රේනෝ සිල්වා මැතිඳුන්ගේ සංකල්පයකට අනුව අද දිනයේ සිට මාසයක් ක්‍රියාත්මක වන පරිදි රුපියල් දස ලක්ෂයක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බඩු මළු ආර්ථිකමය වශයෙන් අපහසුතා ඇති පිරිස් වෙත පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබෙනවා.
එම වැඩසටහනට අමතරව වසර 24 ක් පුරාවට හිරු ශ්රාවකයින් වෙත අද උදෑසන 10 සිට ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් පිරිවරා ගත් සංගීත ප්‍රසංගයක් හිරු ගුවන්විදුලි නාලිකාව ඔස්සේ ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා.
මෙම සංගීත ප්‍රසංගය සඳහා දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් ද්විත්වයක් වන කුරුණෑගල ' ආශා' සහ සීදුව 'බ්‍රේව්' සංගීත කණ්ඩායම් සංගීතය සපයනු ඇති.
වින්දනීය සහ සංගීතාත්මක නැවුම් වැඩසටහන් ශ්‍රී ලාංකික ශ්රාවකයින්ට තිළිණ කරන්නට හිරු ගුවන් විදුලිය කවදත් සැදී පැහැදී සිටින අතර, ශ්‍රාවක ඔබ යනු සැමදින හිරු අපේ වත්කමයි !
Share This Article