අභිමානවත් හිරුගේ 24 වන සංවත්සරය අදයි (Video)
Friday, 01 July 2022 - 7:41 | Views - 396
මෙරට මාධ්‍ය වංශ කතාව වෙනස් කළ අභිමානවත් හිරුගේ 24 වන සංවත්සරය අද (01)යි.

වර්ෂ 1998 ජූලි 01 වැනි දින ශ්‍රී ලංකාව තුළ බිහි වූ පෙරළිකාර මෙන් ම ප්‍රමුඛ පෙළේ ගුවන් විදුලි නාලිකාවක් ලෙස 'හිරු එෆ්.එම්' මේ වනවිට සුවහසක් ශ්‍රාවකයාගේ ආදරය, ආකර්ෂණය දිනාගෙන සිටිනවා.

සිය සංවත්සරයට සමගාමී ව ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති ගරු රේනෝ සිල්වා මැතිඳුන්ගේ සංකල්පයකට අනුව අද දිනයේ සිට මාසයක් ක්‍රියාත්මක වන පරිදි රුපියල් දස ලක්ෂයක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බඩු මළු ආර්ථිකමය වශයෙන් අපහසුතා ඇති පිරිස් වෙත පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එම වැඩසටහනට අමතරව වසර 24 ක් පුරාවට හිරු ශ්‍රාවකයින් වෙත අද උදෑසන 10 සිට ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් පිරිවරා ගත් සංගීත ප්‍රසංගයක් හිරු ගුවන්විදුලි නාලිකාව ඔස්සේ ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා.

මෙම සංගීත ප්‍රසංගය සඳහා දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් ද්විත්වයක් වන කුරුණෑගල ' ආශා' සහ සීදුව 'බ්‍රේව්' සංගීත කණ්ඩායම් සංගීතය සපයනු ඇති.

වින්දනීය සහ සංගීතාත්මක නැවුම් වැඩසටහන් ශ්‍රී ලාංකික ශ්‍රාවකයින්ට තිළිණ කරන්නට හිරු ගුවන් විදුලිය කවදත් සැදී පැහැදී සිටින අතර, ශ්‍රාවක ඔබ යනු සැමදින හිරු අපේ වත්කමයි ! 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top