ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාවට අලෙවි කිරීමට සකසමින් තිබූ ගෝඩා මිලිලීටර් 960,000ක් කසිප්පු මිලිලීටර් 33,000 සමඟ පුද්ගලයෙකු හෝමාගම මූලස්ථාන පොලිසිය මඟින් ඊයේ (29) දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෝමාගම නියදගල ගුවන් පාළම අසල අධිවේගී මාර්ග රක්ෂිතයට යාබද වෙල් යායක දී.
පොලිසියට ලද තොරතුරක් අනුව හෝමාගම නියදගල ගුවන් පාලම අසල වෙල් යායක් පරීක්ෂා කිරීමේ දී එහි ස්ථාන පහක පොළොව යට බැරල් පහක සඟවා වළ ලා තිබිය දි යි මෙම ගෝඩා හා කසිප්පු සොයාගෙන ඇත්තේ.
මෙම කසිප්පු හෝමාගම, මහරගම, කොට්ටාව යන ප්රදේශවලට තොග වශයෙන් අලෙවි කිරීමෙන් පසු ව ඒවා ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාවට අලෙවි කෙරෙන බව පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෝමාගම නියදගල පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු අද (30) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.