පෝලිම්වල සිටි අයට - කසිප්පු විකිණූ අයෙකු අත් අඩංගුවට
Thursday, 30 June 2022 - 9:58 | Views - 916
ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාවට අලෙවි කිරීමට සකසමින් තිබූ ගෝඩා මිලිලීටර් 960,000ක් කසිප්පු මිලිලීටර් 33,000 සමඟ පුද්ගලයෙකු හෝමාගම මූලස්ථාන පොලිසිය මඟින් ඊයේ (29) දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හෝමාගම නියදගල ගුවන් පාළම අසල අධිවේගී මාර්ග රක්ෂිතයට යාබද වෙල් යායක දී.

පොලිසියට ලද තොරතුරක් අනුව හෝමාගම නියදගල ගුවන් පාලම අසල වෙල් යායක් පරීක්ෂා කිරීමේ දී එහි ස්ථාන පහක පොළොව යට බැරල් පහක සඟවා වළ ලා තිබිය දි යි මෙම ගෝඩා හා කසිප්පු සොයාගෙන ඇත්තේ.

මෙම කසිප්පු හෝමාගම, මහරගම, කොට්ටාව යන ප්‍රදේශවලට තොග වශයෙන් අලෙවි කිරීමෙන් පසු ව ඒවා ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාවට අලෙවි කෙරෙන බව පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෝමාගම නියදගල පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද (30) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top