අද සිට ලබන මස 10 වැනි දා දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ මහජන සේවා දින 3කට සීමා කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ සඳුදා බදාදා සහ සිකුරාදා දිනවල පමණක් මෙලෙස සිය සේවය සපයන බව යි.
මෙය යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලට ද අදාළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ.