පාස්පෝට් එක්දින සේවාව තවත් දිස්ත්‍රික්ක තුනකට (Video)
Thursday, 30 June 2022 - 9:33 | Views - 1,858
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ලබන සඳුදා (04) සිට තවත් දිස්ත්‍රික්ක 3ක දී ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාතර, මහනුවර සහ වවුනියාව නගරවල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලවලින් ලබන සඳුදා සිට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරෙන බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ප්‍රකාශ කළේ.

විදෙස් රැකියා සඳහා යාමට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරගෙන ඇති පුද්ගලයින් සඳහා කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමට බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙනම කවුළුවක් ස්ථාපිත කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ඊයේ (29) වන දින බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. එම දෙපාර්තමේන්තුවේ සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ අමාත්‍යවරයා පහත ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසටයි අදාළ නිලධාරීන් වෙතට උපදෙස් ලබා දෙනු ලැබුවේ.

1. විදෙස් රැකියා සඳහා යන අයට පාස්පෝට් කඩිනමින් දෙන්න වෙනම කවුන්ටරයක්..

විදෙස් රැකියා සඳහා යාමට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරගෙන ඇති පුද්ගලයින් සඳහා කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා කටයුතු කර තිබේ.

බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ප්‍රධාන කාර්යාලයේ මෙම විශේෂ කවුන්ටරය ස්ථාපිත කර ඇත.

ඒ අනුව අදාළ ලේඛන සහිත අයට සාමාන්‍ය පෝලිමෙහි නොසිට මෙම විශේෂ කවුන්ටරයට ගොස් ඉක්මනින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බවයි අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.

2. සඳුදා සිට එක්දින පාස්පෝට් සේවාව තවත් දිස්ත්‍රික්ක තුනකදී ...

ලබන සඳුදා (04) සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව තවත් දිස්ත්‍රික්ක තුනකදී ලබාගැනීමට හැකිබව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

ඒ අනුව මාතර, මහනුවර සහ වව්නියාව යන නගරවල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලවලින් ලබන සඳුදා සිට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

3. පාස්පෝට් ඡායාරූප ගැටලුවට ඇමති ධම්මිකගේ පුද්ගලික මුදලින් විසඳුමක්

විදෙස් ගමන් බලපත්‍ර සඳහා අනුමත ඡායාරූප ශාලාවලින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ඡායාරූප උඩුගත කිරීමේදී යම් ගැටලුසහගත තත්වයක් පසුගිය සමයේ උද්ගත වී තිබිණි.

ඒ, උදෑසන 10.00 - දහවල් 01.00 අතර කාලසීමාවේදී විශාල වශයෙන් ඡායාරූප එවීම නිසා දත්ත පද්ධතිය කාර්යබහුල වීම හේතුවෙන් සර්වරය (server) ප්‍රමාණවත් නොවීමෙන් ඇතිවූ ගැටලුවයි.

ඊයේ (29) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සොයාබැලීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා එහි ගොස් තිබුණු අතර ඒ මහතා මෙම ගැටලුව සම්බන්ධයෙන් තම අවධානය යොමුකර විසඳුමක් ලබාදී තිබිණි.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම තාක්ෂණික ගැටලුවට දිගු කාලීන විසඳුමක් සොයාගන්නා තෙක් ධම්මික පෙරේරා මහතා සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 9ක් වැයකර මෙම ඡායාරූප උඩුගත කිරීම සඳහා සර්වරයක් එම දෙපාර්තමේන්තුව කුලියට රැගෙන දී තිබේ.

4. ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ප්‍රමාණය දිනපතා නිවේදනය කරයි

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි බලාපොරොත්තු සහගතව පසුවන හෙයින් ඔවුන්ට ඒ පිළිබඳව දිනපතා තොරතුරු ලබාදීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන සඳුදා (04) දිනයේ සිට ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දිනපතා ප්‍රකාශ කිරීමට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

ලබන සඳුදා සිට සෑම දිනකම උදෑසන 09.00 ට මෙසේ ඊට පෙර දිනයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කිරීමට නියමිත ය.

05. ස්වර්ණමය පාරාදීසය වීසා වැඩසටහනේ ප්‍රමාදයට ඉක්මනින් පිළියම් ...

ධම්මික පෙරේරා මහතා අමාත්‍ය ධුරයට පත්වීමට පෙරදී රජයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරෙන "ස්වර්ණමය පාරාදීසය" වීසා වැඩසටහන ඔස්සේ මෙරටට විදේශ විනිමය ගෙන්වා ගැනීම තවමත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ, එම මුදල් තැන්පතු භාරගැනීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් වාණිජ බැංකුවලට තවමත් අනුමැතිය ලබා නොදීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් මහබැංකු නිලධාරීන් සමග සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබාදීමට ක්‍රියාකරන බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.

6. විවාහකයින්ට ලැබෙන වීසා කාලය වසරේ සිට වසර පහ දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලාංකිකයින් සමග විවාහ වූ විදේශිකයින්ට මෙරටදී මෙතෙක් ලැබුණු වසරක වීසා කාලය වසර 05 දක්වා දීර්ඝ කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සඳුදා (04) සිට Spouse Visa සම්බන්ධයෙන් මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top