22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ගැසට් කෙරෙයි
Thursday, 30 June 2022 - 8:25 | Views - 435

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ද හිමිවුණා.විධායක ජනාධිපති ක්‍රමය සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පැවරී ඇති බලතල පිළිබඳ මේ වනවිට රට තුළ විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත ව ඇත්තේ අර්බුදකාරී සමාජ, ආර්ථික හා දේශපාලන පසුබිමක් තුළයි.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් බැඳ දැමුණු ජනාධිපතිවරයාගේ බලතල 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග යම්කිසි අයුරකින් බලාත්මක වීමක් යළිත් සිදු වූ වග කවුරුත් දන්නා ප්‍රසිද්ධ කාරණයකි.මෙවන් වටපිටාවක් මතයි පවතින වියවුල්කාරී දේශපාලන අර්බුද විසඳා ගැනීමට කප්පාදු කරන ලද බලතල සමග ජනාධිපති, අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාව පැන නැගුණේ.ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට මෙරට පාලන කටයුතුවලට සම්බන්ධ වීමට ඇති හැකියාව ද නව ව්‍යවස්ථාවෙන් අඩපණ කෙරෙනු ඇති.මේ හේතුවෙනුයි 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ.රට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් විධායක ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර යම් බල තුලනයක් ඇති කිරීමට හැකි වන පරිදි පාර්ලිමේන්තුවට සහ ජනතාවට වගකියනු ලබන අමාත්‍ය මණ්ඩලයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යම් බලතල ප්‍රමාණයක් පැවරෙන අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යෝග්‍ය බවට තීරණය කෙරුණේ.ඒ අනුවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් මීට අදාළ මූලික කෙටුම්පත් සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අවසරය හිමිකර ගත්තේ.මෙම නව ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා පත් කිරීමේ දී සැලකිලිමත් විය යුතු සහ සපුරාලිය යුතු කරුණු, අග්‍රාමාත්‍ය ධුරයේ බලය සහ තනතුරේ ස්වභාවය, නව කොමිෂන් සභා සහ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව වගකිව යුතු ආකාරය පිළිබඳ පුළුල් අර්ථකථනයක් ඉදිරිපත් කර තිබෙනවා.සම්පූර්ණ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙතැනින් කියවන්න..
Share This Article