සෞඛ්‍ය සේවාවේ අංශ 8ක් - අදත් වැඩ නැහැ
Thursday, 30 June 2022 - 8:16 | Views - 491
සෞඛ්‍ය සේවාවේ අතුරු වෛද්‍ය සේවයට අයත් ක්ෂේත්‍ර තනතුරු 03 ක් සහ රෝහල් සේවයට අයත් තනතුරු 05 ක් ඒකාබද්ධව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (30) දිනයේත් ක්‍රියාත්මක බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ප්‍රකාශ කළා.

එහි සභාපති උපුල් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුමක් නොලැබුනහොත් ලබන සඳුඳා (04) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සූදානම් බවයි.

මේ අතර, වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා සේවයට වාර්තා කරන ලෙස මෙතෙක් සේවයට වාර්තා නොකළ සියලු කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළා.

සියලු තැපැල් සහ උප තැපැල් කාර්යාල සතියට දින 03 ක් පමණක් ක්‍රියාත්මක කිරීමේ තීරණයට එරෙහිව තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි තැපැල්පතිවරයා මෙම ඉල්ලීම සිදුකළේ.

පෙරේදා (28) දිනයේ මෙම වර්ජනය ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත්, මෙම වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න ඊයේ (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි දැක්වෙන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවා සාකච්ඡාවට පැමිණෙන්නේ නම් පවතින තත්ත්වය සමාලෝචනයට ලක් කිරීමේ හැකියාව සොයා බැලිය හැකිවනු ඇති බවයි.

අතිකාල හා සෙනසුරාදා දින සේවය කිරීම වෙනුවෙන් හිමිවන අමතර දීමනාව අහිමි වීම මත වෘත්තීය සමිති විසින් පූර්ව දැනුම්දීමකින් තොරව අත්තනෝමතිකව සිදු කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවකට පත්ව ඇති බව ද එම නිවේදනයේ සඳහන් වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top