අගෝස්තු මාසයෙන් පසු ගෑස් පෝලිම් අවසන් ?
Thursday, 30 June 2022 - 8:03 | Views - 2,179
අගෝස්තු මස 02 වැනිදා වනවිට මෙරට ගෑස් පෝලිම් අවසන් වනු ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු කියා සිටියේ ජූලි මාසයේ පමණක් ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, ජූලි 06, 10, 15, 22 සහ 24 යන දිනවල ගෑස් මෙට්‍රික් ටොන් 3500 බැගින් වන නෞකා 05 ක් දිවයිනට ළඟාවීමට නියමිතයි.

එමෙන්ම, ලබන මස 06 වනදායින් පසුව දෛනිකව ගෑස් සිලින්ඩර 120,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව දිනකට කිලෝග්‍රෑම් 12.5, ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000 ක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම, කුඩා ගෑස් සිලින්ඩර 40,000 ක් දිනකට වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

ඉදිරි මාස 4ක කාල සීමාව සඳහා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිව තිබුණා.


මේ අතර,ඉදිරියේදී මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් ඩීසල් නැවක් ද ජූලි 11-15 අතර කාලය තුළ මෙරටට පැමිණීමට නියමිතයි.

තව ද ජූලි 22 වන විට මෙට්‍රික් ටොන් 33,300ක් සමඟ පෙට්‍රල් නැවක් ද පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top