ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය දින හතරක් වැඩ
Thursday, 30 June 2022 - 7:29 | Views - 3,516
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නැවත දැනුම්දෙන තෙක් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ජුලි 01 සිකුරාදා සහ ජුලි 02 සෙනසුරාදා සිට එය ක්‍රියාත්මක වනු ඇති.
ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අංක 225 ඇමතීම මගින් හෝ ස්ථාවර දුරකථන මගින් 1225 ඇමතීමෙන් සිකුරාදා සෙනසුරාදා හැර වෙනත් දිනයක පහසු වේලාවක් වෙන්කරගෙන පැමිණීමෙන් වඩා ඉක්මන් සේවාවක් ලබාගත හැකි බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ සඳහන් කළා.
එමෙන්ම www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ e-channeling යෙදුම මගින් ද වේලාවන් වෙන් කරගත හැකියි.
Share This Article