ජුලි 22 තෙක් පෙට්‍රල් නෑ - ජුලි 15 තෙක් ඩීසල් නෑ (Video)
Thursday, 30 June 2022 - 7:21 | Views - 2,570
ජුලි 22 වනදා පෙට්‍රල් තොගයක් දිවයිනට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක පවසනවා.

ඉන්ධන නැව්ගත කිරීම් රජය කල්තියා ලබා ගැනීමට උත්සාහ කරමින් සිටිය ද ඒවා තහවුරු කරන තෙක් තොරතුරු නිකුත් නොකරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (29) පස්වරුවේ පුවත්පත් කර්තෘවරුන් සහ රූපවාහිනි හා ගුවන් විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හමු වුණා.

එහිදීයි රටේ ඉන්ධනවල වත්මන් තත්ත්වය පිළිබඳව සාගල රත්නායක මාධ්‍ය වෙත පැහැදිළි කළේ.

මේ අතර ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති හදිසි ක්‍රියාමාර්ග ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කළා.

ආර්ථික තත්ත්වය සහ ආර්ථිකය මෙම අවදානම් තත්ත්වයට පැමිණ ඇති ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්. සමරතුංග පැහැදිළි කර තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට යළි ළඟා වන්නේ තවත් දින 24 කින් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ඊයේ පැවැත්වූ මෙම සාකච්ඡාවේ දී අනාවරණය වුයේ.

එසේම, ඩීසල් රැගත් නෞකාවක් යළිත් දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ජුලි මස 11 ත් 15 ත් අතර බව ද හෙළි වුණේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් සිදුකළ එම සාකච්ඡාවේදීයි.

මේ වනවිට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 11,000 ක සංචිතයක් පමණයි.

එසේම පෙට්‍රල් සංචිතය මෙට්‍රික් ටොන් 5000 ක් වැනි ඉතා අඩු අගයක් දක්වා පහත බැස තිබෙනවා.

මෙවැනි පසුබිමක යළි ඩීසල් මෙට්‍රික් ටොන් 38,000 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන්නේ ජුලි මස 11 ත් 15 ත් අතර කාලසීමාවේදී බව සාකච්ඡාවට එක් වු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්.සමරතුංග ප්‍රකාශ කළා.

එසේම පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,300 ක් රැගත් නෞකාවක් දිවයිනට ලගාවන්නේ ජුලි මස 22දායි. මෙහිදී අනාවරණය වු තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාව තුල ඉන්ධන හිඟවීමට හේතුව මීට පෙර ඉන්ධන ලබාගත් සැපයුම්කරුවන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 650 කට ආසන්න මුදලක් නොගෙවීම බවයි. එබැවින් එම සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන මිලදී ගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය ද ඔවුන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගෙන ඇති ඉන්ධන සඳහා මෙතෙක් කිසිදු මුදලක් ගෙවා නොමැති බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණය වුණා. 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top