ඇතැමෙක් එකඟ නොවුණත් - අවමය රුපියල් 40 ට යයි
Tuesday, 28 June 2022 - 15:32 | Views - 6,667
ඉහළ යන ඉන්ධන මිලත් සමඟ නව බස් ගාස්තු සංශෝධන ගැලපුම් සිදු කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා සහ බස් සංගම් නියෝජිතයින් අතර ප්‍රවාහන අමාත්‍යංශයේ දී පැවැති රැස්වීම් ඉතා උණුසුම් ස්වභාවයක් ගත් බව වාර්තා වනවා.

මෙහිදී ජාතික ගමනාගමන කොමිසම විසින් නව බස් ගාස්තු ක්‍රමවේදය පිළිබඳව කිසිදු සැලැස්මක් මෙම සාකච්ඡාව සඳහා ඉදිරිපත් කර නොතිබුණු අතර සාකච්ඡාවට පැමිණ සිටී බස් සංගම් නියෝජිතයින් එම තත්ත්වය දැඩි ලෙස විවේචනය කළා.

මෙහිදී බස් සංගම් විසින් 30% ක බස් ගාස්තු වැඩිවීමක් සමග අවම ගාස්තුව රුපියල් 40 ක පවත්වාගත යුතු බවට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යවරයා සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම යෝජනාවන්ට මෙතෙක් එකඟතාවක් පළ කර නැහැ.

ඒ අනුව පැය එකහමාරකට අධික කාලයක් පුරා පැවැති සාකච්ඡාව නිමා වී ඇත්තේ බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව දෙපාර්ශවය අතර පැහැදිලි එකඟතාවයකින් තොරවයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජන් කියා සිටියේ මෙම සාකච්ඡාවේදී අවම බස් ගාස්තුව රුපියල් 40 මට්ටමේ තබා ගැනීම සඳහා දෙපාර්ශවයේ එකඟතාව ක් ඇති වූ බවයි.

එමෙන්ම සමස්ත බස් ගාස්තුව 30% කින් වැඩිකිරීමටත් එකඟතාව හිමි වූ බව ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top