ඉන්ධන නිෂ්පාදනය කරන රටවල ස්ථාපිත සමාගම් මගින් විදේශ විනිමය ගැටලු පීඩනයක් ඇති නොවන ආකාරයට ගිවිසුම්ගතව දිගු කාලීන ඉන්ධන ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මේ වනවිට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් අඛන්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට නොහැකි වී තිබෙනවා.
ඒ අනුව විනිමය ගැටලුවක් නොවන ආකාරයට ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල්හි ස්ථාපිත සමාගම්වල අරමුදල් උපයෝගි කර ගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එම සමාගම් වලට අවස්ථාව ලබාදීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.