ඩොලරයේ අලුත්ම මිල
Tuesday, 28 June 2022 - 10:38 | Views - 4,100
ශ්රී ලංකා රුපියල පසුගිය සිකුරාදා හා සසඳන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 0.24 ක් බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබෙනවා.කෙසේ වෙතත්, ඊයේ මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 356.23 ක් වන ලෙසත් විකුණුම් මිල රු. 367.40 වන ලෙසත් ය. තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත්, මෙරට වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයක අද විකිණුම් මිල 369 ක් ලෙස ද , ගැණුම් මිල 359 ක් ලෙස ද සටහන් ව තිබෙනු දක්නට ලැබුණා.


Share This Article