විදුලි ගාස්තු ඉහළ යාමට අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාශයට (Video)
Tuesday, 28 June 2022 - 9:16 | Views - 1,183
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව දැනට පවතින ගෘහස්ථ විදුලි පාරිභෝජන ඒකක 1ත් 30ත් අතර රුපියල් 30ක්ව පවතින මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150ක් දක්වායි ඉහළ නංවන ලෙස යෝජනා කර ඇත්තේ.

ලංකා විදුලිබල මණ්ඩලය ඒ සඳහා යෝජනා කර තිබුණේ රුපියල් 430ක්.

එමෙන්ම දැනට ඒකක 1ත් 30ත් අතර රුපියල් 2යි ශත 50ක් ව පවතින විදුලි ඒකකයක මිල රුපියල් 8කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව, මහජන උපයෝගීතා කොමිෂන් සභාවද එලෙසින්ම නිර්දේශ කර තිබෙනවා.

මේ අතර ඒකක 31ත් 60ත් අතර ස්ථාවර ගාස්තුව රුපියල් 1100කින් ඉහළ දැමිය යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කළ ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ රුපියල් 300ක වැඩිවීමක්.

එමෙන්ම ඒකක 31ත් 60ත් අතර දැනට රුපියල් 4යි ශත 85ක් ව පවතින විදුලි ඒකකයක මිල රුපියල් 12යි ශත 50කින් වැඩි කළ යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කළද මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ රුපියල් 10ක ගාස්තු සංශෝධනයක් පමණයි.

සෙසු විදුලි ඒකක වලට අදාළ ගාස්තු වැඩි වීම සම්බන්ධයෙන් තොරතුරු www.hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top