දුම්රිය සහ බස්රථ අද ධාවනය වන්නේ මෙහෙමයි
Tuesday, 28 June 2022 - 8:07 | Views - 1,942
අද (28) දිනය තුළ ද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලය ද පවසා සිටියේ සාමාන්‍ය පරිදි බස්රථ ධාවනය සිදුකරන බවයි.
කෙසේ වෙතත්, පෞද්ගලික බස් රථ ධාවන කටයුතු තවදුරටත් සීමා වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළා.
එම සංගමය සඳහන් කර සිටියේ පවතින බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
Share This Article