වැඩබලන අධ්‍යාපන ඇමති ධූරය - ඇමති බන්දුලට
Monday, 27 June 2022 - 14:44 | Views - 917
වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ධුරය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හට හිමි වී තිබෙනවා.
ඒ මේ වනවිට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත් ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට රුසියාව සමග සාකච්ඡා කිරීම සඳහා විදෙස්ගත වීම හේතුවෙන්.
ඒ අනුව බන්දුල ගුණවර්ධන අද (27) දහවල් සිය නව ධුරයේ දිවුරුම් දුන්නා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදියි.
ආචාර්ය බන්දුල ගුණවර්ධන යනු 2005 -2010 තෙක් මෙරට සිටි අධ්‍යාපන අමාත්‍යවරයායි.
Share This Article