අද (27) උදෑසන අකුරැස්ස තිබ්බොටුවාව ප්රදේශයේ කවන්ධ සිරුරක් හමුවී තිබෙනවා.
පොලිසිය විශ්වාස කරන්නේ ඝාතනය කෙරුනු පුද්ගලයා වයස අවුරුදු 70 ක පමන යන්ත්ර මන්ත්ර ගුරුකම් ආදිය සිදුකළ යකැදුරකු බවයි.
මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාළ ඝාතනය සිදුකළ පුද්ගලයා මෙම යකැදුරාගේ හිස ශරීරයෙන් වෙන් කර ඔහුගේ නිවස ආසන්නයෙන් ගලායන නිල්වලා ගඟට දමා ඇති බවටයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයා යකදුරාගේ අසල්වාසියෙකු වන අතර ඔහු මේ වන විට ප්රදේශයෙන් පලා ගොස් තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන අතර මේ වන විට සැකකරන්නේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් අදාළ ඝාතනය සිදුකර ඇති බවටයි.
ඝාතනය සිදුකර ප්රදේශයෙන් පළා ගිය පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ම යොදවා ඇති බව අකුරැස්ස පොලිසිය සඳහන් කළා.