අකුරැස්සෙන් හිස සුන් මළකඳක්
Monday, 27 June 2022 - 13:49 | Views - 1,379
අද (27) උදෑසන අකුරැස්ස තිබ්බොටුවාව ප්‍රදේශයේ කවන්ධ සිරුරක් හමුවී තිබෙනවා.

පොලිසිය විශ්වාස කරන්නේ ඝාතනය කෙරුනු පුද්ගලයා වයස අවුරුදු 70 ක පමන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය සිදුකළ යකැදුරකු බවයි.

මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාළ ඝාතනය සිදුකළ පුද්ගලයා මෙම යකැදුරාගේ හිස ශරීරයෙන් වෙන් කර ඔහුගේ නිවස ආසන්නයෙන් ගලායන නිල්වලා ගඟට දමා ඇති බවටයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයා යකදුරාගේ අසල්වාසියෙකු වන අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන අතර මේ වන විට සැකකරන්නේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් අදාළ ඝාතනය සිදුකර ඇති බවටයි.

ඝාතනය සිදුකර ප්‍රදේශයෙන් පළා ගිය පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ම යොදවා ඇති බව අකුරැස්ස පොලිසිය සඳහන් කළා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top