සිය වසකට පසු රුසියාව විදේශ ණය ගෙවීම් පැහැර හරියි
Monday, 27 June 2022 - 13:08 | Views - 258

සිය වසකට පසු රුසියාව විදේශ ණය ගෙවීම් පැහැර හැර ඇති බව බ්ලූම් බර්ග් වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඊයේ දිනයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ගෙවීමක් සිදු කිරීමට නියමිතව තිබුණ ද රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙම ණය ගෙවීම පැහැර හැරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ලොව පුරා මුදල් සංසරණය ක්ෂණිකව සහ පහසුවෙන් සිදු කිරීමට සහය වන ස්විෆ්ට් ගෙවීම් ජාලය යුක්රේන ආක්‍රමණ හමුවේ බටහිර රටවල් විසින් රුසියාවට තහනම් කිරීමට පියවර ගත්තා.
මීට විකල්පයක් ලෙස රුසියානු රජය කාඩ්පත් ගෙවීම් සඳහා MIR ලෙස හැඳින්වෙන ජාතික ගෙවීම් කාඩ්පත් පද්ධතියක් නිර්මාණය කළ ද එය දැනට භාවිත කරන්නේ රටවල් කිහිපයක් පමණක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මේ අතර යුක්රේනයේ කීව් අගනුවරට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාර 14කට වැඩි ගණනක් එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාර මෑතකදී එරටට එල්ල වු දරුණුතම ප්‍රහාර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම ප්‍රහාරවලින් කීව් අගනුවර මහල් නිවාස සංකීර්ණයක් විනාශ වු අතර එක් පුද්ගලයෙකු මියගොස් හත් හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා
තිබෙනවා.
ජර්මනියේ පැවැත්වෙන ජී 7 නායක සමුළුවේ දී යුක්රේනයට තවදුරටත් යුදමය ආධාර ලබාදීමටත් රුසියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීමටත් ප්‍රතිචාර ලෙස මෙම මිසයිල ප්‍රහාර රුසියාව විසින් එල්ල කර ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
Share This Article