ඉන්ධන ටැංකි රථ සේවකයොත් දැඩි අපහසුතාවක
Monday, 27 June 2022 - 12:00 | Views - 1,113
මෙරට මේවන විට ඇත්තේ සීමිත ඉන්ධන තොගයක් නිසාවෙන් එම ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් නිකුත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඉන්ධන ටැංකි රථ සේවකයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ බව ඔවුන් කියා සිටින්නේ මාධ්‍ය හමුවක් පවත්වමින්.

තව ද අද (27) දින තෝරාගත් පිරවුම්හල් වෙත සීමා සහිතව, අත්‍යාවශ්‍ය සේවා සදහා ඉන්ධන බෙදාහැරීමට කටයුතු කෙරෙමින් පවතින බව ද එම සඟමය ප්‍රකාශ කළා.

මේ තත්ත්වය හේතු කොටගෙන අද දින ඉන්ධන බෙදා හැරීමේ ඇනවුම් ලබා ගැනීමට ඉදිරිපත්ව ඇත්තේ සීමිත ඉන්ධන ටැංකි රථ ප්‍රමාණයක් බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

එබැවින් ජනතාව ඉන්ධන පිරවුම් හල් අසල පෝලිමේ සිටීම ඵලක් නැති බවයි එම සංගමය ප්‍රකාශ කරන්නේ.

තව ද ඉදිරියේ කුමන හෝ ඉන්ධන සමාගමක් මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට අලුතින් එකතු වුවත් ඉන් සිය ටැංකි රථවලට ඇනවුම් ලබා දේවි යැයි ඔවුන් විශ්වාස කරන බවත් මෙහිදී එම සංගමය ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ඉන්ධන මිල වැඩි වීම නිසා ප්‍රවාහන මිල සූත්‍රය අනුව ඉන්ධන බෙදා හැරීමේ ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට සිදු වන බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බව ද අදාළ සංගමය ප්‍රකාශ කර සිටිනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top