ඉන්ධන ගන්න සාකච්ඡාවට ඇමති සුසිල් සමග හිටපු තානාපති රුසියාවට ? (Video)
Monday, 27 June 2022 - 11:39 | Views - 1,857
රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිටත්ව යන නියෝජිතයින් වන්නේ ආචාර්ය සමන් වීරසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් බවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ආචාර්ය සමන් වීරසිංහ යනු ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපතිවරයායි.

ඊයේ (26) බලශක්ති අමාත්‍යාංශයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ, අද (27) දිනයේදී රුසියාව බලා මෙරටින් නියෝජිතයින් දෙදෙනකු පිටත්ව යාමට සූදානම් ව ඇති බවයි.

රට තුළ ඩොලර් අර්බුදයත් සමග මේ වනවිට දිගු පෝලිම් ක්‍රමයක් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල දකින්නට ලැබෙනවා.

මෙම පෝලිම් ක්‍රමය හේතුවෙන් ඊයේ දිනයේදී තීරණය කෙරුණේ තෙල් ලබාදීම සඳහා වෙන වෙනම රියදුරන් වෙත ටෝකන් පත්‍රයක් ලබාදෙන බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මෙන්ම යුද හමුදා හා ගුවන් හමුදාවේ ද සහාය ලබාගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එහෙත් විවිධ ප්‍රදේශවල තවමත් පෝලිම්වල රැඳී සිටින ජනතාව ප්‍රකාශ කළේ කිසිදු අයෙකු මෙතෙක් පැමිණ ටෝකන් පත් ලබා නොදුන් බවයි.

ඉන්ධන ලබාගැනීම සඳහා අද දිනයේ ටෝකන් පත් නිකුත් කරන්නේද යන්න සම්බන්ධයෙන් අප කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින්ද විමසීමක් කළ අතර, දුරකථනයට ප්‍රතිචාර දැක්වූ එහි සේවිකාවක් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් මෙතෙක් නොලැබුණු බවයි.

පවතින ඉන්ධන සංචිත ප්‍රමාණය අනුව තෝරාගත් පිරවුම්හල් වෙත පමණක් අත්‍යවශ්‍ය සේවා සඳහා අද දින ඉන්ධන නිකුත් කරනු ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ අතර පොළොන්නරුව මහ රෝහලේ සිට පේරාදෙණිය රෝහලට මාරුකර යැවූ සිව් හැවිරිදි දැරියක් බැලීමට යාමට ඉන්ධන ඉල්ලා පියෙකු සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුණා.

ඊට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයෙකු ඔහුගේ ලොරි රථයට අවශ්‍ය ඩීසල් ලීටර 30 ක් ලබාදීමට කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම, ජුනි 23 වැනිදා මෙරටට ළඟාවීමට නියමිතව තිබූ පෙට්‍රල් රැගත් නෞකාව තවමත් එන දිනයක් නිශ්චිතව කිව නොහැකි බව ද ඊයේ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම නැව මෙරටට පැමිණෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය 19 වැනි දිනයි.

නමුත් ජුනි 23 වැනි දින අමාත්‍යවරයා පැවසුවේ, අදාළ නෞකාව දින කිහිපයක් ප්‍රමාද වන බවයි.

එහෙත්, ඉන් පසුව අමාත්‍යවරයා විසින් ම ඊට පසුදින එනම් ජුනි 24 වැනිදින පැවසුවේ ඉන්ධන නෞකාව එන දිනයක් දැනගත් වහාම ජනතාව වෙත දැනුම්වත් කරන බවත්, එතෙක් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.

නමුත් ජුනි මස 26 වැනි දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බැංකු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් පෙට්‍රල් රැගත් නෞකාව එන දිනය නිශ්චිතව කිව නොහැකි බවයි.

මෙවන් වාතාවරණයකදියි ඊයේ අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ හා අයි.ඕ.සී. ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කෙරුණේ.

මේ අයුරින් දැඩි අර්බුදකාරී ඉන්ධන ගැටලුවක් ඔඩුදුවා ඇති පසුබිමකදියි, රුසියාවෙන් තෙල් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට වත්මන් රජය අවධානය යොමුකර ඇත්තේ.

රුසියාව යනු බොරතෙල් මෙන්ම ඉන්ධන ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ප්‍රමුඛස්ථානයක් උසුලන රාජ්‍යයක්.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top