නව කොවිඩ් වෛරසයක් හඳුනා ගැනෙයි
Monday, 27 June 2022 - 9:37 | Views - 4,178

නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට රට තුළින් කිසිදු නව වෛරස් ප්‍රභේදය ආසාදිතයෙකු හඳුනාගෙන නොමැති බවයි.එහෙත් අදාළ වෛරසය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත්, එම වෛරසය BA5 ලෙසින් නම්කර ඇති බවත් ඔහු පැවසුවා.මෙම නව වෛරසය මේ වනවිට රටවල් 63කින් වාර්තා වී ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළා.අනෙක් වෛරසයන්ට වඩා ඉතා ශීඝ්‍රයෙන් මෙම වෛරසය පැතිරයන අතර, මීට පෙර පැවති කොවිඩ් 19 වෛරස් ප්රභේදයන්ට වඩා ව්යාප්තකාරී බවයි ඔහු පෙන්වා දෙන්නේ.චීනයේ වූහාන් පළාතෙන් ආරම්භ වූ කොවිඩ් 19 වෛරසය පසුව ඩෙල්ටා ලෙසින් ද ස්වරූපයන් වෙනස් කරමින් පැවතියා.එමෙන්ම දකුණු අප්‍රිකාවෙන් ද නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් හඳුනාගැනුණා.එය බී. 1.1.529 ලෙසයි, නම්කෙරුණේ.මෙම වෛරස් ප්‍රභේදය වඩා වේගයෙන් සම්ප්‍රේෂණය වන අතර පුද්ගල ප්‍රතිශක්තීකරණ පද්ධතිය වඩා දුර්වල කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ.එම වෛරස් ප්‍රභේදය පිළිබඳව ද ගෝලීය සෞඛ්‍ය විද්‍යාඥයින් අඛණ්ඩව තවමත් පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.එවන් වටපිටාවකදී නවතම වෛරසයක් ලෙසින් බීඒ.5 වෛරසය හිස ඔසවා ඇත්තේ.

Share This Article