ජුලි 01දා සිට - බස් ගාස්තුවල වෙනසක් ?
Monday, 27 June 2022 - 9:10 | Views - 1,198
එළඹෙන ජුලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සම්බන්ධයෙන් හෙට (28) දිනයේ දි අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ බස් ගාස්තුව ද ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් ඊයේ (26) දිනයේ දී සඳහන් කළා.
කෙසේ වෙතත්, ඒ අනුව හෙට දිනයේ දි ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.
Share This Article