මීමුරේදී මාරක අනතුරක්
Saturday, 25 June 2022 - 15:23 | Views - 844
මීමුරේ - හුන්නස්ගිරිය මාර්ගයේ - ලූල් වත්ත ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද පස්වරු 2.00 ට පමණ මීමුරේ ප්‍රදේශයේ සංචාරයක පැමිණි බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරෙන් තුවාල ලැබූවන් 5 දෙනෙකු තෙල්දෙණිය මූලික රෝහලටත්, තවත් කිහිපදෙනෙකු මැදමහනුවර ප්‍රාදේශිය රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.
එමෙන්ම, මැදමහනුවර ප්‍රාදේශිය රෝහලේ අනතුරෙන් මියගිය පුද්ගලයාගේ සිරුර තැම්පත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
Share This Article