දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කන්කසන්තුරේ සිට පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ එලෙස රළු විය හැකි බවයි.
එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 ක් දක්වා උසකට ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.