Nike සමාගම රුසියාව තුළ සිය භාණ්ඩ අලෙවිය නවතා දමයි
Saturday, 25 June 2022 - 11:26 | Views - 854
ලොව ප්‍රකට ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරුවෙක් වන නයිකි සමාගම රුසියාව තුළ වෙළඳ කටයුතු සිදු කිරීම මුළුමනින්ම නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ රුසියාව යුක්රේනයට එරෙහිව අඛණ්ඩව සිදු කරන යුද ප්‍රහාර සැලකිල්ලට ගනිමින්.

ඇමෙරිකානු සමාගමක් වන නයිකි සතුව රුසියාව තුළ අලෙවි ප්‍රදර්ශනාගාර 1,000 ට අධික සංඛ්‍යවක් තිබෙනවා.

මේ නිසා රුසියානුවන්ට අහිමි වන රැකියා සංඛ්‍යාව සැලකිය යුතු අගයක් වනවා.

මේ වන විට ලොව ප්‍රකට සන්නාම වන මැක් ඩොනල්ඩ්ස්, ස්ටාර් බකස්, සහ කොකා කෝලා ඇතුළු සමාගම් 300 ට අධික සංඛ්‍යාවක් රුසියාව තුළ වෙළඳාම අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් රුසියානු වෙළෙඳාම් ප්‍රතික්ෂේප කරන එම සමාගම් වෙනුවට නව රුසියානු දේශීය සමාගම් ස්ථාපනයටයි මේ වන විට පියවර ගෙන තිබෙන්නේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top