විදේශ මුදල් ඔබ සතුව තිබේද ? සීමාව දින 14යි
Saturday, 25 June 2022 - 10:40 | Views - 3,229
ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට තමා සන්තකයේ තබා ගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ජූනි 16 වනදා සිට බලාත්මක වන පරිදි සීමා කර තිබෙනවා.නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව සඳහන් කළේ ඇමෙරිකානු ඩොලර් 15,000 සිට ඩොලර් 10,000 දක්වා එම ප්‍රමාණය අඩු කර ඇති බවයි.ඒ අනුව, ඊට වඩා වැඩි විදෙස් මුදලක් ළග තබා ගන්නේ නම් එය විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක තැන්පත් කිරීමට හෝ බලපත්‍රලාභී වානිජ බැංකුවකට විකිණීමට ජුනි 16 වනදා සිට, වැඩ කරන දින 14ක පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා.එම කාලයෙන් පසුව අදාළ නියමය උල්ලංඝනය කරන්නේ නම්, ඊට එරෙහිව පියවර ගත හැකි බවයි මහබැංකුව නිවේදනය කළේ.


Share This Article