තෙල් පිරවුම්හලක පිහි ඇනුමක් - සිව්දෙනෙකු රෝහලේ (Video)
Saturday, 25 June 2022 - 9:15 | Views - 560
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (24) රාත්රියේදී පිහි ඇනුමක් සිදු වී තිබෙනවා.
මෙම පිහි ඇනුමෙන් සිව්දෙනෙකු තුවාල ලබා මේ වනවිට වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප ප්රාදේශීය වාර්තාකරු පැවසුවේ.
පෝලිමේ සිටි පුද්ගලයින් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදු වී තිබෙනවා.
පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ අයෙකු මොනරාගල රෝහලට මාරුකර යැවීමටත් කටයුතු කෙරුණා.
පහරදීම සිදුකළ පුද්ගලයා පලා ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.
Share This Article