ලබන මස 6 වනදායින් පසුව ගෑස් සිලින්ඩර 120,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සමාගම පවසනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ දිනකට කිලෝග්රෑම් 12.5, ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000 ක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම කුඩා ගෑස් සිලින්ඩර 40,000 ක් දිනකට වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළා.
මේ අතර ලබන මස 6 වනදා තෙක් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි එම සමාගම ජනතාවට දැනුම් දෙන්නේ.
ලබන මස 5 වනදා සහ 12 වනදා අතර මෙට්රික් ටොන් 7,000 ක් අඩංගු ගෑස් නෞකා 2 ක් මෙරටට පැමිණීමට නියමිතයි.
එමෙන්ම, ලබන මස 10 වනදායින් පසුව ගෑස් මෙට්රික් ටොන් 30,000ක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර, එහි සිට කුඩා නෞකා මගින් මෙරටට අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
ඉදිරි මාස 4ක කාල සීමාව සඳහා ගෑස් මෙට්රික් ටොන් ලක්ෂයක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිව තිබුණා.