6 වනදායින් පසු - ගෑස් වෙළෙඳපොළට
Saturday, 25 June 2022 - 8:11 | Views - 3,908
ලබන මස 6 වනදායින් පසුව ගෑස් සිලින්ඩර 120,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දිනකට කිලෝග්‍රෑම් 12.5, ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000 ක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම කුඩා ගෑස් සිලින්ඩර 40,000 ක් දිනකට වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ලබන මස 6 වනදා තෙක් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි එම සමාගම ජනතාවට දැනුම් දෙන්නේ.

ලබන මස 5 වනදා සහ 12 වනදා අතර මෙට්‍රික් ටොන් 7,000 ක් අඩංගු ගෑස් නෞකා 2 ක් මෙරටට පැමිණීමට නියමිතයි.

එමෙන්ම, ලබන මස 10 වනදායින් පසුව ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර, එහි සිට කුඩා නෞකා මගින් මෙරටට අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉදිරි මාස 4ක කාල සීමාව සඳහා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිව තිබුණා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top