පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනයන්හි කාර්ය මණ්ඩලවල නිවාඩු ජුලි මස 6 වනදා සිට 15 දක්වා අත්හිටුවා තිබෙනවා.
ඉන්දීය රජය මගින් මෙරටට ලබා දෙන මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර තොගය රැගත් නෞකාව ලබන 6 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.
එම පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය හා බෙදා හැරීම ජුලි 7 සිට 15 තෙක් සිදුකෙරෙන අතර, එම කටයුතු වෙනුවෙන් මෙලෙස නිවාඩු අත්හිටවූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම යන ආයතනවල සියලු කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කෙරෙනු ඇති.