හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකුට ලබන මස 4 වැනි දා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද සිතාසි නිකුත් කෙරුණා.
ඒ, 2010 වසරේ වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූලව රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ, යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම පැවරූ නඩුවට අදාළව යි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතර ව මෙලෙස සිතාසි නිකුත් කෙරුණේ, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර්ට එරෙහිව යි.
මීට අමතර ව 9 වැනි දා සිද්ධිය පිළිබඳ ද ජොන්ස්ටන් ප්‍රනාන්දුර චෝදනා එල්ල වී තිබෙනවා.
ඊට අදාළ ව තමා ව අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ ඉල්ලීම ද අධිකරණය විසින් ඉවත දැමුවා.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට එරෙහි ව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.