මහාචාර්ය පිලිප් කොට්ලර්ට ගෞරවයක් වශයෙන් - ජාතික අලෙවිකරණ දිනය ප්‍රකාශයට (Photos)
Thursday, 23 June 2022 - 15:51 | Views - 533

නුතන අලෙවි කරණයේ පියා ලෙස සැලකෙන මහාචාර්ය පිලිප් කොට්ලර්ට ගෞරවයක් වශයෙන් ශ්‍රී ලංකාව සිය සමාරම්භක ජාතික අලෙවිකරණ දිනය පසුගියදා සමරනු ලැබුවා. ඒ ඉකුත් මැයි 27 වනදා යි. zoom තාක්ෂණය ඔස්සේ පැවති මෙම සැමරුම් දිනයට ලෝකයේ බොහෝ රටවල අලෙවිකරණ ක්ෂත්රයේ ප්‍රධානීන් සහභාගී වුණා. මෙහිදී විශේෂත්වය වන්නේ, මහාචාර්ය පිලිප් කොට්ලර්ටගේ 91 වෙනි ජන්ම දිනයද එදිනට යෙදී තිබීමයි. ඔහුද ශ්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ දිනයේ සමාරම්භක දිනයට zoom තාක්ෂණය ඔස්සේ එක්වුණා.නවීන අලෙවිකරණය යටතේ තිරසාර අලෙවිකරණය සහ තවත් අංශ කිහිපයක් යටතේ ඔහු මෙහිදී අපූරු දේශනයක් කළා. ඒ වගේම, තම උපන් දිනය නිමිත්තෙන් ජාතික අලෙවි කරන දිනය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන්, ඔහු ශ්‍රී ලංකාවට විශේෂ ස්තූතියක් පුද කරනු ලැබුවා.ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය තිලකරත්න සහ කළමනාකරණ පීඨයේ පීඨාධිපති නලින් අබේසේකර මෙහිදී අදහස් දැක්වුවා.ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ ආරාධනයෙන් අලෙවිකරන සහ වර්ධන උපාය මාර්ගික ව්‍යාපාර උපදේශකයෙකු සහ සන්නාම පුහුණුකරුවෙකු වන ඩෙන්සිල් පෙරේරා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.


Share This Article