ඉන්දීය දූත පිරිස ශ්‍රී ලංකාවට
Thursday, 23 June 2022 - 10:35 | Views - 398
ඉන්දීය ණය ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේයි ක්වාත්‍රා ඇතුළු දූත පිරිස අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.
හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ පෙරවරු 9.20ට පමණ ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණි බවයි.
ඉදිරියට පවත්වගත යුතු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හා ආර්ථික අර්බුදය හමුවේ ඉන්දීය මැදිහත් වීම ආදී යෝජනා කිහිපයක් පිළිබඳ මෙහි දී සාකච්ඡා වනු ඇති.
කෙසේ වෙතත් , ඔවුහු අද දිනයේදී ජනපති අගමැති සමග සාකච්ඡාවකින් අනතුරුව අද දිනයේම මෙරටින් පිටව යාමටද සුදානම් බව වැඩිදුරටත් වාර්තා වුණා.
Share This Article