පෙට්‍රල් රැගත් නෞකාව දිනකින් ප්‍රමාද වෙයි
Thursday, 23 June 2022 - 10:09 | Views - 7,777
අද (23) උදෑසන දිවයිනට ළඟා වීමට නියමිතව තිබු පෙට්‍රල් 92 - මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව දිනකින් පමණ පැමිණීම ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.ඒ අනුව අද(23) සහ හෙට (24) දිවයින පුරා බෙදාහැරීමට නියමිතව තිබු බෙදාහැරීමේ කටයුතු යම් තරමකින් සීමිත ප්‍රමාණයකින් බෙදා හැරීමට තීරණය කළ බව ද ඇමතිවරයා කියා සිටියා. අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත්, ඔටෝ ඩීසල් දිවයින පුරා පූර්ණ ධාරිතාවයෙන් බෙදා හරිනු ලබන බවත් සුපර් ඩීසල් සීමිත බෙදාහැරීමක් සිදුකරන බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් .

Share This Article