ඉන්ධන අර්බුදයත් සමග ගැණුම්කරුවන් එළවළු මිල දී ගැනීම සඳහා නො පැමිණීම හේතුවෙන් ඉදිරියේ දී එළවළුවල මිල ගණන් පහත යා හැකි බව එළවළු වෙලෙන්දන් පවසනවා.
පසුගිය දිනවල සෑම එළවලු කිලෝග්‍රෑමයකම මිල රුපියල් 300කට ආසන්න වී තිබුණා.
කෙසේ වෙතත්, ඉදිරියේ දී එළවළු මිල ගණන් පහළ යා හැකි බවයි කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපති ඩී.එම්.සිල්වා සඳහන් කළේ.