යළි ඩිජිටල් හැඳුනුම්පතක් කරළියට
Thursday, 23 June 2022 - 7:59 | Views - 946
ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් අයි.ඩී ලෙස හඳුන්වන නව ජාතික ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ඉදිරියේදී වයස අවුරුදු 15ට වැඩි මෙරට සියලු පුරවැසියන් යළි ලියාපදිංචි කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක ගල්කිස්ස ප්‍රදේශයේ ඊයේ පැවති සමුළුවක් අමතමින් කියා සිටියේ, සාමාන්‍ය ජීවදත්තවලට අමතර ව පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු, රුධිර වර්ගය ඇතුළු ජීව විද්‍යාත්මක තොරතුරුද ඇතුළත් කරමින් එම ඩිජිටල් හැඳුනුම්පත සකස් කෙරෙන බවයි.

ඒ අනුව දිවයින පුරා පුද්ගලයන් මිලියන 17කට වසර එකහමාරක කාලයක් තුළ දී මෙම නව හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කෙරෙන බව ඔහු ප්‍රකාශ කළා.

ඉන්දීය ආධාරයක් යටතේ මෙම ක්‍රමවේදය සකස් කෙරෙන අතර ඊට අදාළ මෘදුකාංග පද්ධති නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක කියා සිටියේ.

මේ අතර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පවතින දිගු පෝලිම් හේතුවෙන් එක්දින සේවා සඳහා, සේවා මුර 2ක් ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එහි වැඩබලන පාලක ජනරාල් බන්දුල හරිස්චන්ද්‍ර කොළඹ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ, පවතින තත්වයන් හමුවේ දිනකට රාජකාරීවල නිරත වන්නේ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයෙන් සියයට 50ක් පමණක් බවයි.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ දිවා - රෑ පුරා දින ගණනක් අඛණ්ඩව පවතින දිගු පෝලිම් තවදුරටත් එලෙසම පවතිනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top