ඉන්ධන මිල යළි ඉහළ නැංවිය යුතුයි - අගමැති (Video)
Thursday, 23 June 2022 - 7:22 | Views - 1,095
ඉදිරි අයවැයෙන් සහනාධාර සඳහා රුපියල් බිලියන 200ක් වෙන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ පාර්ලිමේන්තුවේදි නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ඉන්දීය රජයේ විශේෂ දූත පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිත බවයි.
එමෙන්ම, ඉන්ධන මිල යළි ඉහළ නැංවිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.
ආරංචි මාර්ග පැවසුවේ ඉන්දියාවේ විදේශ ලේකම් ශ්‍රී විනේයි ක්වාත්‍රා ද හෙට මෙරටට පැමිණෙන ඉන්දීය රජයේ විශේෂ දූත පිරිස අතර වන බවයි.
Share This Article