මම ආවේ රස්සාවල් - රට හදන්න - මන්ත්‍රී ධම්මික (Video)
Wednesday, 22 June 2022 - 14:17 | Views - 388
මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට පෙර ධම්මික පෙරේරා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සහ බදු නිෂ්කාශණ වාර්තා කථානායකවරයා වෙත භාර දී තිබෙනවා.
ඔහු සඳහන් කර සිටියේ එයම පාර්ලිමේන්තුවට නව ඇරඹුමක් බවයි.
පාර්ලිමේන්තුවෙන් පිටත පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
තම රට ගිලෙන නැවක් සේ නොපෙනෙන බවයි. එසේම නැති වී යන රැකියාවල් නැවතත් ඇති කිරීමට තමන් කටයුතු කිරීමට සුදානම් බවයි.
තවද , රට ගොඩ නැගීමට මෙතැන් සිට කටයුතු කරන බවද , තමාට එය කිරීමට හැකියාව පවතින බව දන්නා බවද ඔහු සඳහන් කර සිටියා.
Share This Article