මෝල් හිමිකරුවන් සමඟ ගැටුණු ඩඩ්ලි (Video)
Wednesday, 22 June 2022 - 12:54 | Views - 630
පාලන මිලට සහල් වෙළෙඳපොළට ලබා දීම සම්බන්ධයෙන් සහල් මෝල් හිමියන් විසින් පවත්වන සාකච්ඡාව අතර තුර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ සහල් පාලන මිල වැඩි කළ යුතු බවට එක් සහල් මෝල් හිමිකරුවෙන් යෝජනා කිරීමත් සමගයි.
කෙසේ වෙතත්, ප්රධානතම සහල් මෝල් හිමිකරුවෙක් වන ඩඩ්ලි සිරිසේන ඊට විරුද්ධ වී එම සාකච්ඡාවෙන් නැගිට ගොස් ඇති අතර ඩඩ්ලි සිරිසේනගේ ස්ථාවරය වී ඇත්තේ දැනට පවතින පාලන මිලට සහල් ලබාදිය යුතු බවයි.
කෙසේ වෙතත්, අද පැවති මෙම සාකච්ඡාව අවසානයේ සහල් මෝල් හිමියන්ගේ සංගමය ඩඩ්ලි සිරිසේන කියූ අයුරින් පවතින මිලටම සහල් අලෙවි කිරීමට එකඟ වන බවට ප්රකාශයක් ද නිකුත් කර තිබෙනවා.
Share This Article