අරගලකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට
Wednesday, 22 June 2022 - 11:57 | Views - 689
කොළඹ - කොටුව සහ තලංගම ප්‍රදේශවල පසුගිය මස 6 සහ 9 වනදා ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අරගලකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔවුන් අද (22) පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් මරදාන පොලීසියට භාරවීමෙන් අනතුරුවයි.

පසුගිය මස 6 වනදා සහ 9 වනදා කොළඹ කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදුකළ විරෝධතාවලින් අනතුරුව ඇති වූ නොසන්සුන්කාරි සිද්ධීන්වලට අදාළව රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට පසුගියදා නියෝග කරනු ලැබුවා.

ළහිරු වීරසේකර, ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහ ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි එහි දී නියෝග කෙරුණේ.

ඒ අනුව අද දිනයේ පූජ්‍ය පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හැර අනෙකුත් පිරිස පොලීසියට භාර වුණා.

මොවුන් භාරවීම සඳහා ගාලුමුවදොර අරගල භූමියේ සිට පාගමනින් කොටුව පොලීසියට පාගමනින් පැමිණි අතර, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසලින් මාර්ග බාධක යොදා අවහිර කර තිබීම හේතුවෙන් ඔවුන්ට කොටුව පොලීසිය වෙත ඇතුළුවීමට ඉඩ ලැබුණේ නැහැ.

ඉන් අනතුරුවයි ඔවුන් පාගමනින් ගොස් මරදාන පොලීසිය වෙත භාර වුණේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top