රුපියල් 5000 දීමනාව නැවතත්
Wednesday, 22 June 2022 - 9:27 | Views - 8,593
ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා හා ළමා කටයුතු සමාජ සවි බලගැන්විම් අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන බවයි.
එසේම, මෙම දීමනාව ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් සඳහා මාස 6 ක කාලයක් ලබා දීමට දැනට අදහස් කර තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කළා.
Share This Article