කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල පාලම හරහා ඇති ජලනල පද්ධතියේ අලුත්වැඩියාවක් හේතුවෙන් ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රි 10 සිට හෙට උදෑසන 6 දක්වා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කළේ ගම්පහ නගරය, මිරිස්වත්ත මාර්ගයේ හංසගිරි පාර දක්වා කොටස, ඔරුතොට මාර්ගයේ කළු පාලම දක්වා කොටස සහ ජා ඇළ මාර්ගයේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය දක්වා කොටසේ මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.