නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ මාසය අවසානයේ එම ධූරයෙන් ඉවත් කිරීමේ සැලැස්මක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන්, ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සිදු කළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර දක්වමින්.
මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ සේවා දිගුවක් සඳහා අග්‍රාමාත්‍යවරයාගේ නිර්දේශය අවශ්‍ය බවයි ජනාධිපතිවරයා එහි දී පෙන්වා දී ඇත්තේ.
එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සඳහන් කර ඇත්තේ, නන්දලාල් වීරසිංහ මේ මස අවසානයේ දී මහ බැංකු අධිපති ධූරයෙන් විශ්‍රාම ගැනීම වළක්වා ඔහු තවදුරටත් සේවයේ රඳවා ගන්නා ලෙසයි.
මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ මාසය අවසානයේ එම ධූරයෙන් ඉවත් කිරීමේ සැලැස්මක් පවතින බවට පළවන වාර්තා අනුව කිසියම් කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න පිලිබඳව ගැටලුවක් පවතින බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා
සියයට 6ක අගයක පැවති ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය නන්දලාල් වීරසිංහ මහබැංකු අධිපතිධූරයට පත්වීමෙන් පසු සියයට 14යි දශම 5ක් දක්වා තාත්වික අගයකට වර්ධනය වී ඇති බව ඔහු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණා.