ධම්මික පෙරේරා අද මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
Wednesday, 22 June 2022 - 8:04 | Views - 299
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිත යි.
ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ විභාගයට නො ගෙනම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
මේ අතර අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටළු විසඳීම සඳහා සියලු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එමෙන්ම කම්කරු ගැටලු කඩිනමින් විසඳීම සම්බන්ධයෙන් ගෙන ආ කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඊයේ විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
Share This Article